දිවයිනේ නිරිත දිග ප්‍රදේශ සඳහා අද (19) දිනයේදීත් සවස් කාලයේ මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.