Image

ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්…

COLOMBO (SL NEWS24) – ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ , පැෆ්රල් සංවිධානය ගොනු කළ පෙත්සමක් සලකා මෙන් අනතුරුවයි.

පෙත්සමෙන් පෙන්වාදී තිබුණේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන හා එහි ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි.

ඒ අනුව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පැෆ්රල් සංවිධානය පෙත්සම ගොනු කර තිබිණි.

TRENDING POST