Image

පොලිස්පති පත් කළේ වැරැදි පාරෙන්

කතානායකවරයා යැවූ විකෘති ලියුමකට ජනාධිපතිවරයා පොලිස්පතිවරයා පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය විකෘති කරලා කතානායකතුමා ජනාධිපතිතුමාට යවපු ලියුම මම මේ සභාවට ඉදිරිපත් කරනවා. මේක පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. මේ වංචා සහගත ලියුම පදනම් කරගෙන ජනාධිපතිතුමා පොලිස්පති පත් කිරීම නීති විරෝධීයි. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළා. සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් කළේ. අගමැතිතුමා මේක දන්නවා අගමැතිතුමාට මේකට උත්තර දෙන්න බැහැ. කථානායකතුමාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළා. ඒ ගැන ගන්නා පියවර කුමක්ද. ජනාධිපතිතුමා හොඳ දැන උගත් පුද්ගලයෙක්. මේ තුට්ටු දෙකේ ලියුමට පොලිස්පති පත්කිරීම කරනවද?

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.