Image

ඡන්දය මුදලට විකිණෙන්න බෑ.! – මැතිවරණ කොමසාරිස් ජනරාල්

ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණයේදී රටේ ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවී නොමැති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සදහන් කළේ,

“අපි පටන් ගත්තු තැන සිතපු දේවල්. සිතූ ආකාරයට ඒ සියල්ල මේ ලේඛනය තුළ නොමැති වුණත් යම්කිසි ආකාරයකට අපිට ලැබිච්ච දේ තුළින් මේ කාර්යය මේ මට්ටමින් කරගෙන යන්න කොමිෂන් සභාව උත්හාස දරනවා.

මුදල් නැතිව මැතිවරණයක් කරන්න බැහැ. ඒ වගේම මැතිවරණය කරද්දි මුදල් ඉස්සර කරගෙන ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් වෙන්නත් බැහැ. මේ මුදල් නිසා ඡන්දදායකයන් විකිණෙන තත්ත්වයකට පත් වුණොත් ඒකත් ප්‍රශ්නයක්.”

කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව සදහන් කරයි.

TRENDING POST