සමගි ජන බලවේගයේ දේශපාලන හමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ ඇතැම් පිරිස් බලයට පත්වීමෙන් පසු රුපියල් 150ට පෙට්‍රල් ලබාදෙන බවට පැවසීම මිථ්‍යාවක් බවයි.
එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා කිසිවෙකුට සහනාධාර ලබා නොදිය යුතුයි යන ස්ථාවරයේ සිට කටයුතු කිරීමද ස.ජ.බ විසින් බැහැර කරනා බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා සමාජයේ දුප්පත් පොහොසත් පිරිස වෙන් කර ඔවුන්ගේ ආර්ථිකය අනුව මිල නියම කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ බෙන්ස්, BMW, V8 වලින් යන පුද්ගලයන්ගෙන් පෙට්‍රල් සඳහා රුපියල් 400ක් අය කරනා අතර මෝටර් සයිකලයෙන්, ත්‍රිවිල් රථයෙන් යන පුද්ගලයා ගෙවිය යුත්තේ රිපියල් 150ක් පමණක් බවයි.
එම ක්‍රියාවලිය තාක්ෂණය භාවිතයෙන් ප්‍රායෝගිකව සිදු කළ හැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ සඳහා QR ක්‍රමවේදය යොදා ගතහැකි බවද සඳහන් කළේය.