Image

ගැහැනු දරුවන් අඩු වයසින් මල්වර වීමට අධික වායු දූෂණයත් හේතුවක්

වර්තමානයේ ගැහැනු දරුවන් ඉතා අඩු වයසින් මල්වරවීම ලොව පුරා විද්‍යාඥයන්ගේ කනස්සල්ලට හේතුවක් වී තිබේ.

මේ වන විට ඇමෙරිකානු ගැහැනු දරුවන් සියවසකට පෙර ජීවත් වූ ගැහැනු දරුවන්ට සාපේක්ෂව වසර හතරකට පෙර ඔසප් වීම ආරම්භ වන බව හෙළිව තිබේ.

මැයි මාසයේදී නව දත්ත පෙන්නුම් කළේ 1950 සහ 1969 අතර උපත ලද ගැහැනු දරුවන්ගේ ඔසප් වීම සාමාන්‍යයෙන් අවුරුදු 12.5 කදී ආරම්භ වුවත්, 2000 ගණන්වල මුල් භාගයේ උපත ලැබූ පරම්පරාව සඳහා මෙය සාමාන්‍යයෙන් අවුරුදු 11.9 දක්වා පහත වැටී ඇති බවය. එසේම පූර්ව වැඩිවිය පැමිණීමේ ලක්ෂණ පෙන්නුම් කරන ගැහැනු දරුවන්ගේ සංඛ්‍යාව 16 ගුණයකින් වැඩිවී ඇති ආකාරය දකුණු කොරියානු විද්‍යාඥයන් ද හෙළිකර තිබේ. එසේම තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ අධික වායු දූෂණයට නිරාවරණය වන ඇමෙරිකානු ගැහැනු දරුවන්ට ඔවුන්ගේ පළමු ඔසප් වීම අඩු වයසේදී ඇති විය හැකි බවයි.

පෝලන්තයේ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී එනම්, කාන්තාවන් 1,257 ගේ දත්ත පරීක්ෂා කර නයිට්‍රජන් වායුවලට වැඩි වශයෙන් නිරාවරණය වීම සහ වයස අවුරුදු 11ට පෙර මල්වර වීම අතර සම්බන්ධයක් සොයා ගැනිණි. විද්‍යාඥයන් පවසන්නේ කලින් වැඩිවිය පැමිණෙන ගැහැනු ළමයින්ට වැඩිහිටි වියේදී දීර්ඝකාලීන ප්‍රතිවිපාක ඇති කරන අහිතකර සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකි බවයි.

TRENDING POST