Image

මෙතෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වසන්තගේ බිරිඳ වසන්ත මියගිය බව දැන සිට නෑ

පසුගිය 8 වැනිදා අතුරුගිරිය වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ කැරොකි වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන මහත්මිය වන විට යම් සුවයක් ලබා තම නිවසට රැගෙන ගොස් ඇත.

මෙවන විට ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව සඳහන්.

කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරුණු ඇය සැත්කම් තුනකට මුහුණ දී ඇති අතර ඇගේ පපු ප්‍රදේශයේ තිබූ වෙඩි උණ්ඩ සැත්කමකින් ඉවත් කර ඇත.

කෙසේ වෙතත් තම ස්වාමියා වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා එදින එම වෙඩි තැබීමෙන් මියගිය බව ඇය මේ වන තෙක් දැන සිට නැති අතර එම තොරතුරු ඇය දැනුවත් වී තිබුනේ ඊයේ (13) දිනෙයි.

ඒ සම්බන්ධයෙන් අය අතිශය ශෝකයට පත් වී ඇති අතර මේ වන විට ඇය විශාදය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා බවද වාර්තා වෙයි.

TRENDING POST