Image

රාජිතට ඇපත් නැතිවන ලකුණු – බේරුවල සජබ ක්‍රියාකාරීන් රාජිතගේ රෙදි ගලවයි

ඊයේ (13) පස්වරුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන වල දේශපාලන නියෝජිතයින් සහ ක්‍රියාකාරීන් එක්ව මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්ව ගොස් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය සමඟ එක්වීම සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රී වත්මන් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක එම්. අම්ජාද් මහතා පවසා සිටියේ තමා ඇතුළු කණ්ඩාමේ සහයෝගයෙන් ගොඩනැගුණු රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට එළඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු විපක්ෂයේ හෝ වාඩි ගැනීමට හැකිවේද යන්න සැක සහිත බවයි.

එමෙන්ම අම්ජාද් මහතා අවධාරණය කර හිටියේ තම කණ්ඩායම නොවන්නට රාජිත සේනාරත්නට ඇමතිවරයකු තියා බේරුවල නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට හෝ යෑමට අවස්ථාවක් උදා නොවන බවයි.

පසුගිය වසර 2 පුරා සමගි ජන බලවේගය නියෝජනය කළත් රාජිත සේනාරත්න හිටියේ රනිල්ගේ හදවතේ බව පැවසූ අම්ජාද් මහතා ඔහුට අමාත්‍ය ධූරයක් හිමි නොවුනේ රාජපක්ෂ වරු රනිල් සමඟ තිබූ එකඟත්වය මත බව පෙන්වා දුනි.

කෙසේ වෙතත් මේ වනවිට රනිල් – රාජපක්ෂ කඳවුර බිඳවැටී ඇති බැවින් එය අවස්ථාවක් කර ගනිමින් රාජිත සේනාරත්න රනිල්ගේ ඇකයට පැනගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

TRENDING POST