Image

සුමන්දිරන් සහ නාමල් අතර හමුවක්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ පැවැත්විය.
ඒ, එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීයි.
එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගිවිය.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.
ඉදිරියේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළ බව එම්.ඒ. සුමන්දිරන් පැවසීය.

TRENDING POST