Image

ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි, ජනපතිගෙන් මුදල් අමාත්‍යාංශයට උපදෙස්

COLOMBO (News 1st) – ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ති‍බේ. 

එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව නිකුත් කරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි. 

මෙවර ජනාධිපතිවරණයට අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 කි. 

මේ අතර මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් ද පසුගිය දා පැවැත්විය. 

එහිදී මැතිවරණයට යන වියදම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව මැතිවරණ කොමිසම පැවසීය. 

මේ අතර මැතිවරණ රාජකාරි සඳහා ඇස්තමේන්තු ගත මුදල් සම්බන්ධයෙන් පොලිස් කොට්ඨාස 45කින් වාර්තා කැඳවා මේ වනවිට පොලිස් මූලස්ථානය වෙත ලැබී තිබේ. 

එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, එම වාර්තා පදනම් කරගනිමින් අවසන් වැය ඇස්තමේන්තුව සකස් කරන බවයි.

TRENDING POST