එළඹෙන ජනාධිපතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ (29) දිනයේදී දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ තිබේ.
මෙරටට පිටත්වීමට ප්‍රථම කොරියාවේ ගුවන් තොටුපලේ රැඳී සිටිමින් එම ශ්‍රී ලාංකීය තරුණ පිරිස සමාජ මාධ්‍යයට වීඩියෝ පටයක් මුදා හැර තිබේ NPP ටී ෂර්ට් වලින් සැරසුණු එම පිරිස එම වීඩියෝ පටයෙන් පවසා සිටියේ මහජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තම යුතුකම ඉටු කිරීම සඳහා අවස්ථාව එළැඹ ඇති බවයි.
එමෙන්ම ජාතික ජන බලවේගයේ සඳහන් කරන්නේ මෙවර ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ පහළොවක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද වනු ඇති බවත්ය.

