Image

නාමල්, සාගර ඊයේ නාටකයක් පෙන්නලා.. දේශපාලන මණ්ඩලයටත් තග දාලා.!

ඊයේ(29) දිනයේ විජයරාම පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇත්තේ එම පක්ෂය නියෝජනය කරන ⁣පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණක් බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී මෙවර ජනාධිපතිවරණයට පොහොට්ටුව නියෝජනය කරමින් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා බව පැවසේ.

ලේකම්වරයාගේ එම යෝජනාවට සහභාගී වූ මන්ත්‍රීවරුන්ගෙන් 11 දෙනෙකුම විරැද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති නමුත් එම යෝජනාව පොහොට්ටුවේ ජාතික සංවිධායක සහ එහි මහලේකම් වරයාගේ කැමැත්ත පරිදි ස්ථිර කළ බව පැවසේ.

එම අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය බවට එයට සියලුම දෙනා සහයෝගය දිය විය යුතු බවත්ය.

කෙසේවෙතත් පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරැණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ ⁣බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බව පැවසේ. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු නොවන මහර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනියගේ දියණිය පවා සහභාගී වී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.