Image

මගේ ආණ්ඩුවෙන් උපාධිධාරීන් 50 000කට රස්සා දෙනවා – සජිත්

විරැකියාවෙන් පෙළෙන උපාධිධාරීන් 50000කට ආසන්න පිරිසට අදාළ විසඳුම් වත්මන් රජයෙන් ලබා නොදේනම් සමගි ජන බලවේග රජයක් තුළ අනිවාර්යයෙන්ම ඊට විසඳුම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සෑම උපාධිධාරියකුටම රැකියාවක් ලබා දීම මෙන්ම විවිධ අවස්ථා හරහා ව්‍යවසායකයන් වීමට අවස්ථාව ලබා දෙන බවත් ඒ සඳහා මූලික හා කාරක ප්‍රාග්ධනය ලබා දීමත් රජයේ රැකියා මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ලබා දීමත් තමාගේ අරමුණ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම රාජ්‍ය පාලනය ඩිජිටල්කරණය කිරීම තුළ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට ද රැකියා ලැබෙන බවත් ඊට අමතරව තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරන බවත් ඒ තුළින් ද රැකියා උත්පාදනය කරන බවත් හෙතෙම පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී රැකියා විරහිත උපාධිධාරීන් සමග සිදු කළ සාකච්ඡාවක් අතරතුරදීය.

මේ වන විට උපාධිධාරීන් ලියාපදිංචියක් කරන බවත් එය රජය තනිකර දේශපාලන අභිලාෂ වෙනුවෙන් සිදුකරන ඇන්දීමක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ විජ්ජාවලට හසු නොවන ලෙසත් ආණ්ඩුකාරවරයා ලවා කරන්නේද විජ්ජාවක් බවත් මොවුන් උපාධිධාරීන්ට රැකියා ලබා දීමට පෙර ඔවුන්ගේ ගෝලයන්ට රැකියා දුන් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

උපාධිධාරීන් සියලු දෙනාගේ මූලික ආදායම සහතික කරන බවත් ඒ වැඩපිළිවෙළ තමා සතු බවත් රජය මෙන් තවදුරටත් උපාධිධාරීන්ව ඇන්දවීම තමා කිසිසේත්ම නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.