මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ කාර්යාල ඇතුළු පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාල 670ක් රටපුරා ස්ථාපිත කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.
මෙම පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාල 602ක් පොලිස් ස්ථාන මට්ටමෙන් පිහිටු වීමට කටයුතු කර තිබේ. ඊට අමතරව දිස්ත්‍රික්ක 22ක ප්‍රධාන පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාල පිහිටුවා ඇති අතර පොලිස් කොට්ඨාස 45ක ද මැතිවරණ මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මක කර තිබේ.
ඊට අමතරව රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේ ද පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරියක් පිහිටු වීමට පියවර ගෙන තිබේ.
දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරිවල එක් මැදිරියකට පොලිස් නිලධාරීන් 11දෙනකු බැගින් අනුයුක්ත කර ඇත.
එම මෙහෙයුම් කාර්යාල මගින් මැතිවරණ පැමිණිලි විභාග කිරීම, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම යන රාජකාරි සිදු කරනු ඇත.
පොලිස් ස්ථාන මට්ටමෙන් පිහිටුවා ඇති මැතිවරණ මෙහෙයුම් මැදිරිවල පොලිස් නිලධාරීන් තුන්දෙනා බැගින් රාජකාරි කරනු ඇත.
රටපුරාම පිහිටුවා ඇති පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරි පොලිස් මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරිය මගින් පාලනය කරන අතර මැතිවරණයට අදාළ උපදෙස් නියෝග ලබාදීම මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා විසින් සිදු කරනු ඇත.