මේ වන විටත් පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළ රාජකාරී සඳහා අවශ්‍ය පොලිස් නිලධාරීන් සංඛ්‍යාත්මකව ගණනය කරමින් පවතියි.
ඒ අනුව 2024 ජනාධිපතිවරණයට අදාළ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට බලාපොරොත්තු වන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදවන නිලධාරීන් සංඛ්‍යාව, පොලිස් බුද්ධි නිලධාරීන්, ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට අදාළ පොලිස් නිලධාරින් සහ ආරක්ෂක රාජකාරි සඳහා එම පිරිස යෙදවීමට නියමිත බවද සදහන් කරයි.