Image

රනිල් මහ බැංකු හොරෙක් බව කිසිම දිනක මා කියා නෑ.. – බන්දුල ගුණවර්ධන

ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේ, තමා කිසිම වෙලාවක රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු හොරකම කළ බවට පවසා නොමැති බවයි.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා  පත් කරපු අය නිසා තමයි ඒක වුණේ. මම පත් කරපු කෙනෙක් වැරැද්දක් කළාට ඒකට මම පලි නෑනේ, එවැනි දෙයක් තමා එතන වෙලා තියෙන්නෙ.

ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණයි රටක් ගොඩ ගන්න වැඩපිළිවෙලක්  හදලා ඒක නීතියක් විදියට කරල තියෙන එකම නායකයා.

අපි රනිල් වික්‍රමසිංහ මහත්මයට නෙමෙයි සහය දෙන්නේ ජාතික වැඩසටහනකට අපි තීන්දු තීරණ ගන්න කොට පක්ෂ පුද්ගලයන් පිළිබඳ නෙමෙයි රට පිළිබඳවයි හිතල තීරණ ගන්න ඕනෙ.

TRENDING POST