රටේ අප්රසන්න දේශපාලනය අවසන් කළ යුතු බවත් දේශපාලන පක්ෂ තුළ පවතින අප්රසන්න බව හේතුවෙන් රටේ ජනතාව නව දේශපාලන වෙනසක් අපේක්ෂා කරන බවද ජාතික ජන බලවේග නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.
ජාතික ජන බලවේග ආණ්ඩුව නගරවල සතිය, දෙක තුන එකට සියලුම ආගම්වල ජනතාවගේ සංස්කෘතික අවස්ථා නිර්මාණය කරන බවත් ඒවා රසවිඳින්න රටේ ජනතාවට අවස්ථාව ලබාදෙන බවද මන්ත්රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.
මන්ත්රී අනුර කුමාර දිසානායක තවදුරටත් සදහන් කළේ,
” පොහොට්ටුව තුනට බෙදිලා. පොහොට්ටුවේ ජාතික මෙහෙයුම් නායක අද ප්රසිද්ධියට පත්කර තිබෙනවා ඔහු යනවා රනිල්ගේ සහායට කියලා. මහින්ද රාජපක්ෂට අප්පච්චි කියපු රෝහිත අබේගුණවර්ධනට දැන් රනිල් අප්පච්චි වෙලා. දැන් අප්පච්චිලා දෙන්නයි.
මහින්දානන්ද අලුත්ගමගේ කියනවා රනිල් වික්රමසිංහ අත්අඩංගුවට අරගෙන හිරේ දානකම් නින්ද යන්නෑ කියනවා.. හැබැයි දැන් මහින්දානන්ද අලුත්ගමගේ රනිල් වික්රමසිංහගේ ඔඩොක්කුවේ නිදි.”
ජාතික ජන බලවේගයේ විශ්රාමික ත්රිවිධ හමුදා සමුළුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.