Image

සහාය දෙන්නේ නැතිනම් ඇමති ධුරයෙන් ඉවත් වෙන්න කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාට ලබාදෙන බව දැනගන්නට ලැබු නමුත් ඒ සදහා ඔහුට තියෙන සුදුසුකම කුමක්දැයි අමාත්‍ය කංචන විජේසේකර ප්‍රශ්න කරයි.

එනිසා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ නොකර ඇමැති ධුරයේ සිටින පිරිස් ඉදිරියේදී එයින් ඉවත් විමට කටයුතු කරන බවට තමා විශ්වාස කරන බවද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය ලබාදීමට තීරණය කළේ මීට වසර දෙකකට කලින් බවත් ආණ්ඩුවේ ඇමැති ධුරවලින් කටයුතු කරන පිරිස් එළඹෙන (15) වනදාට ජනාධිපතිවරයාට සහාය පල කරනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය අනුව පක්ෂයේ පිරිස් පක්ෂයෙන් ඉවත් වී යාමක් දක්නට ලැබෙන බවත් බොහෝ විට පොදුජන ‌පෙරමුණේ ඉතුරු වන්නේ පක්ෂයේ ලේකම්වරයා පමණක් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් අමාත්‍ය කංචන විජේසේකර මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.