Image

මහින්ද, නාමල් ඇතුළු මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගනී

එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය මේ වනවිට තීරණය කර ඇත.

පොදුජන පෙරමුණ පක්ෂය ගත් තීරණයත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමත් සමඟ ඔවුහු විපක්ෂයේ භූමිකාව ඉටු කරන පිරිසක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත් මේ වනවිට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට තීරණය කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.