Image

ලංසා – මහින්දානන්ද – ප්‍රසන්න – චොකා මල්ලී – රත්තරං එක්වූ නව සන්ධානය

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසා සිටින්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පයාගල ප්‍රදේශයට ගොස් “රත්තරං මන්ත්‍රීතුමාගෙන් අවසරයි” යනුවෙන් රෝහිත අබේගුණවර්ධන ගෙන් අවසර ගැනීම ඉතාම හිරිකිත කාරණාවක් බවයි.

එමෙන්ම 1977 ජේ.ආර්.ගේ කණ්ඩායම මෙන් කණ්ඩායමක් තමා සතු බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා සතුව සිටින චරිත වනුයේ ලංසා – මහින්දානන්ද – ප්‍රසන්න – චොකා මල්ලී – රත්තරං වැනි පුද්ගලයින් බව සිහිපත් කළ ඔහු, එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස ඉතාම අභිමානයෙන් යුතුව ආරක්ෂා කළ නායකතුමා එලෙස කටයුතු කිරීම පිළිබඳ ඉතාම පිළිකුලක් ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ඔහු මේ බව පවසයි සිටියේ රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනක් හා එක්වෙමිනි.

එමෙන්ම, ඒ රෝහිත අබේගුණවර්ධන මහතාම මින් පෙර මහ බැංකු හොරා ලෙස රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල කළ සහ දැඩි ලෙස විවේචනයන්ට ලක් කළ මන්ත්‍රීවරයෙක් බවට්ග් මරිකාර මහතා සිහිපත් කළේය.

එමෙන්ම 2015 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරණ රැලියකට වෙඩි තබා එක්සත් ජාතික පාක්ෂිකයකු ඝාතනය කළ චොකා මල්ලී වැනි පුද්ගලයන්ගේ පවා සහාය ලබා ගැනීමට පවා රනිල් වික්‍රමසිංහ මහතා බංකොලොත් වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.