Image

යෝෂිත රාජපක්ෂට බර අවි ප්‍රහාරයක්.. ප්‍රසිද්ධියේම අධ්‍යාපන සුදුසුකමත් හෙළි කරයි.!

නාවික හමුදා කැඩෙට් නිලධාරියෙක් බඳවා ගැනීමේ මූලික අධ්‍යාපන සුදුසුකම වනුයේ අ.පො.ස උසස් පෙළ විභාගය ගණිත හෝ විද්‍යා විෂය ධාරාවන්ගෙන් පෙනී සිට සමත් වීම සහ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඊට අදාළ සා.පෙළ විශයන්ගෙන් සමත් වී තිබීම වුවත් 2006 වසරේ 45 වන ඛාණ්ඩය සඳහා බඳවා ගැනීමේදී මෙම නිර්ණායක වෙනුවට සාමාන්‍ය පෙළ සාමාන්‍ය සාමාර්ථ සහිතව වැඩ 6ක් සමත්වීම සහ උසස් පෙළ කලා විෂයන්ද ඇතුළුව විශයන් 2ක් සමත්වීම ලෙස මූලික සුදුසුකම් වෙනස්කර යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට නිලධාරියෙකු ලෙස ඇතුලත් කළ බව අනුර දිසානායක මහතා පවසයි.

දිසානායක මහතා මේ බව පැවසූවේ මාළිගාවත්ත P.D. සිරිසේන පිටියේදී පැවති “අදිටන” විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුවට සහභාගි වෙමිනි.

එමෙන්ම යෝෂිත රාජපක්ෂ මහතාගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය C හතයි S එකක් බවත් උසස් පෙළ ප්‍රතිඵලය කලා අංශයෙන් C දෙකක් පමණක් බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

නාවික හමුදාවට ඇතුළත් වීමෙන් පසු මහා බ්‍රිතාන්‍යයේ සිදුකළ පාඨමාලාවන් තුනක් සඳහා ජෝෂිත රාජපක්ෂ වෙනුවෙන් රජය වියදම් කර ඇති මුළු වියදම එක්කෝටි අසූ ලක්ෂයක් බවත්, එම පාඨමාලා අවසන් වූ සැනින් නැවතත් ආරක්ෂක අමාත්‍යංශය විසින් විශේෂ අධ්‍යාපන පාඨමාලා සඳහා ඔහු සඳහා යුක්‍රේනය කරා පිටත්කර යවා ඇති බවත් එම පාඨමාලාව සඳහා රජය වැය කර ඇති වියදම රුපියල් ලක්ෂ තිස්පහක් බවත් දිසානායක මහතා අනාවරණය කළේය.

TRENDING POST