Image

අගමැතිකම දුන් පොහොට්ටුවට පයින් ගසා රනිල් රකින්න දිනේෂ් පෙරමුණ ගනී.!

මහජන එක්සත් පෙරමුණේ නායක, අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල එකතුවෙන් නව දේශපාලන සන්ධානය බිහි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

රටේ දේශපාලන පක්ෂ ගණනාවක් මේ වන විටත් එළඹෙන ජනාධිපතිවරණයේ ස්වාධීනව තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවට ප්‍රකාශ කර ඇත.

පොදුජන පෙරමුණෙන් කැඩී ගිය පාර්ශ්වයන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායම, සමගි ජන බලවේගයෙන් කැඩී එන කණ්ඩායම, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහාය පළ කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.