Image

කෝටි ගණනන් වියදම් කළ ව්‍යාපෘති 34ක් කොට උඩ

රුපියල් කෝටි 644ක වියදම් කරමින් වසර පහකට පමණ පෙර ආරම්භ කළ ව්‍යාපෘති 34ක් මග නතර වි තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවා.

ඒ මහතා පවසා සිටියේ අද එම ගොඩනැගිලි වවුලන් හා සුනඛයින් ලගින තිප්පොළවල් බවට පත්ව තිබෙන බවයි.

මෙම ව්‍යාපෘති වලින් 23ක් මූල්‍යමය හේතු මතද ව්‍යාපෘති 11ක් මූල්‍යමය නොවන හේතු මතද මෙලෙස නැවතී තිබෙන බව ඔහු සඳහන් කළා.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පරිසර ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නාගරික සංවර්ධන අධිකාරියට අදාල නිර්දේශ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් .

මේ ව්‍යාපෘති ගොඩනැඟිලි බොහොමයක් ජනතාවට කිසිදු ප්‍රයෝජනයක්වී නැතැයි පැවැසූ මන්ත්‍රීවරයා පොළොන්නරුවේ මෙත්සිරිපාය ගොඩනැගිල්ල ඊට උදාහරණයක් බවත් කෝටි එකසිය එකක් වියදම් කර හැදූ එම ගොඩනැගිල්ලේ අද ජීවත් වන්නේ වවුලන් බවත් මාන්නප්පෙරුම මහතා පැවසුවා.

රුපියල් කෝටි හතළිහක් වියදම් කර සකස් කළ හැටන් දුම්රිය පොළද සුනඛයින් ලගින තත්වයකට පත්ව ඇති බවද අවධාරණය කළා.

සූරියවැව ක්‍රීඩාංගනය සහ මත්තල ගුවන්තොටුපළද සුදු අලි ව්‍යාපෘති බව පැවසූ මන්ත්‍රීවරයා එක එක දේශපාලඥයන්ගේ මනදොල සපුරා ගැනීමට ජනතා මුදලින් ආරම්භ කරන මෙවැනි ව්‍යාපෘතිවලින් රටට කිසිදු ප්‍රයෝජනයක් නැති බව සඳහන් කර සිටියා.

ජනතා මුදල් වියදම් කිරීමේදී නිර්දේශපාලනීකරණ කමිටුවකින් ඒ කටයුතු සිදු විය යුතු බවට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇතැයිද අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.