Image

ගිය වසරේ සිට මේ වසරේ මැයි තෙක් බිත්තර කෝටි 23 ක් ලංකාවට ගෙන්වලා

2023 සහ 2024 මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට බිත්තර මිලියන 233.68ක් ආනයනය කර ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසුවා.

ඒ අනුව 2023 වසරේදී බිත්තර මිලියන 168.5ක් සහ 2024 වසරේ මැයි දක්වා බිත්තර මිලියන 65.18 ක් ආනයනය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

එම වසරවල මෙරට තුළ පිළිවෙළින් බිත්තර මිලියන 2047 ක් සහ බිත්තර මිලියන 1073 ක් වශයෙන් බිත්තර මිලියන 3120 ක් නිෂ්පාදනය කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට බිත්තර ගොවිපළ හරි අඩකින් පමණ වැසී ගොස් බිත්තර නිෂ්පාදනය පහත වැටීම නිසා බිත්තර ආනයනය කිරීමට සිදු වූ බව ඇමැතිවරයා කීය. මේ වනවිට ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය යථා තත්ත්වයට පැමිණ ඇතත් සංචාරක හෝටල්වලින් බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවත් මාළු සහ කුකුළු මස් මිල ඉහළ ගොස් ඇති බැවින් බිත්තරවලට දැඩි ඉල්ලුමක් පවතින බව ද ඇමැතිවරයා කියා සිටියේය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.