Image

දරුවන් සුවබර නින්දක් ලබනවා දැයි දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි

මෙරට දරුවන්ගේ නින්ද සම්බන්ධ ගැටලු පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ පැවසීය .

ඇය පෙන්වාදෙන්නේ සිදුකරන ලද සීමිත පර්යේෂණවලින් ඒ බව අනාවරණය වී ඇති බවය.දරුවන් හට සුවබර නින්දක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට දෙමව්පියන්ගේ කාර්යය භාරයක් වන බව ඇය සඳහන් කළාය.

“ලංකාවේ දරුවන් අතරින් නින්ද සම්බන්ධයෙන් ගොඩක් ලොකු පර්යේෂණ සිදුකරලා නැති වුණත් තිබෙන සීමිත දත්තවලට අනුව පෙනී ගිහින් තියෙනවා අවුරුද්දක් වනතුරු දරුවන් අතරේ 25%ක දරුවන්ට ගැටලු තියෙනවා කියලා. ඒ වගේම නව යොවුන් වියේ දී නින්ද අඩුකම නිසා ඇති වෙන බලපෑම් ඇති වෙලා තියෙනවා වගේම වැඩිහිටි සහ තරුණ අයගේ නින්දේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන බව ලංකාවේ තිබෙන සීමිත දත්තවලින් පවා පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම පාසල් දරුවන්ට ගැඹුරු මතකයක් ලෙස ස්ථාවර මතකයක් ඇති කරගන්නත් හොඳ නින්දක් ඕනේ. ඒකට එයා පුංචිකාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ නිදා ගන්න.”

මේ අතර එක් එක් වයස් කාණ්ඩ අනුව දෛනිකව නිදාගත යුතු පැය ගණන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

“උපතේ ඉඳලා මාස තුනක විතර කාලයේ දී පැය 14 – 17ක් පමණ නිදා ගත යුතුයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල තියෙනවා. මාස 4 සිට අවුරුද්ද දක්වා පැය 12 සිට පැය 16කුත්, අවුරුද්දේ සිට අවුරුදු 2 දක්වා පැය 11 සිට පැය 14 දක්වාත්, අවුරුදු 3 සිට අවුරුදු 4 දක්වා පැය 10 සිට පැය 13කුත්, අවුරුදු 5 දරුවෙකුට පැය 10 සිට පැය 12 දක්වා නිදා ගත යුතුයි. අවුරුදු 5 දක්වා දරුවන්ට 24න් 50%කට වැඩිය නින්ද අවශ්‍යයි. එය මානසික හා ශාරීරික සෞඛ්‍යට හා වර්ධනයට බලපායි. වැඩිහිටියෙක් නම් අඩුම තරමින් පැය 7ක් වත් නිදා ගන්න ඕනේ.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.