Image

බෝක්කු ගානෙ හූ තියන්නේ නැතිව ලාල්කාන්ත අත්අඩංගුවට ගන්න.. අනුරගෙන් අභියෝගයක්.!

ඊයේ (8) ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගෙන් ජාතික ජන බලවේගය විධායක සභික කේ.ඩී ලාල්කාන්ත මහතා විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මතය විමසා සිටියේය.

ඊට පිළිතුරු දක්වමින් ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසා සිටියේ රට තුළ යුක්තිය පසඳලීමේ ආයතන පවතිනා බැවින් ලාල්කාන්ත මහතා විසින් යම් කිසි නීති විරෝධී යැයි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ හැකි චෝදනාවක් තිබේ නම් වහාම නීතිය ක්‍රියාත්මක කරනා ලෙසයි.

ඒ සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු නොකොට බෝක්කු ගානේ හූ කියමින් මඩ ගැසීම කිසිදු ඵලක් නොමැති කාරණාවක් බව දිසානායක මහතා අවධාරණය කළේය.

එමෙන්ම එවැනි නීති විරෝධී් හෝ අපරාධමය ප්‍රකාශයක් ලාල්කාන්ත මහතා විසින් සිදු කර නොමැති බව පෙන්වා දුන් දිසානායක මහතා ඔහු සිදු කර ප්‍රකාශයේ අර්ථය විකෘති කරමින් බංකොලොත් දේශපාලනඥයන් සහ විවිධ පිරිස් මඩ ව්‍යාපාරයක් ගෙන යන බව පැවසුවේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.