Image

“අන්තිම මොහොතේ අගමැති ධුරය මට භාරගන්න කීවා” – විජයදාස

රට ගොඩනැගීම සදහා තමාට අගමැති ධුරය භාරගන්න ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අරගලය සමයේදී ඉල්ලීමක් කළ බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ සදහන් කරයි.

විජයදාස රාජපක්ෂ තවදුරටත් සදහන් කළේ,

“මේ රටේ අරගලය තිබුණ වෙලාවේ මේ රට සන්සුන් කරලා මේ රට ගොඩනැගීම සඳහා 2022 මැයි මාසේ 12 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීරණයක් අරන් මට දැනුම් දුන්නා ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය තනතුර භාරගන්න කියලා.

ඒක දැනගත්තාට පස්සේ පොහොට්ටුවේ අය කලබල වෙලා ඉක්මනට රනිල් වික්‍රමසිංහ මහත්මයාව ගෙනල්ලා බලපෑම් කරලා, ජනාධිපතිවරයාට සිද්ධ වුණා අග්‍රාමාත්‍යකම දෙන්න.”

අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.