Image

රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න රනිල් වික්‍රමසිංහ පෙරට එයි.!

එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබාදීමට එම පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කර ඇත.

එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව සිදුකළ සාකච්ඡාවේදී මූලික වශයෙන් යෝජනා වූ බවයි.

කඩා වැටුණු රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා විසින් සිදුකළ කැපකිරීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවත් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීම සඳහා ගොඩනැගෙනා ජන සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂයක් ඇතුළත්වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.