Image

මණ්ඩලේ කචල් වී කැඳ හැළිය කැළඹෙයි.. ජනපති අගමැති කුලල් කා ගති.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ 08 වනදා පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති සමුළුව අගමැති දිනේෂ් ගුණවර්ධනගේ විරෝධය හේතුවෙන් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති සහ වෙනත් සංගම් නියෝජිතයින්ගේ සමුළුවක් බවට සංවිධායක මණ්ඩලය විසින් ගෙන ගිය ප්‍රචාරයකට අගමැතිවරයා දැඩි විරෝධය එල්ල කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප සමඟ අභ්‍යන්තර මතභේදාත්මක තත්ත්වයන් නිතර නිතර වර්ධනය වෙමින් පවතින බවයි.

මෙමකෙසේවෙතත් මෙම තත්ත්වය වර්ධනය වුව හොත් ජනාධිපතිවරණයට පෙර ආරවුල පුපුරා ගොස් නැවතත් ජනපති සහා අගමැති පාර්ශ්ව දෙකඩ වනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.