Image

රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කිරීම ගැන දැනුම්දීමක්

රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කරන්නේ නම් ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ, මීට පෙර රජයේ තනතුරු දරමින් සිටියදී රජය මගින් ලබාදුන් නිශ්චල සහ චංචල දේපොළ එම නිලතලවලින් ඉවත්වූ පසු නිත්‍යානූකූල නොවන ආකාරයට පරිහරණය කරන බවට පැමිණිලි රැසක් ලැබි ඇති බවය.

ඒ අනුව එලෙස පරිහරණය කරන්නේ නම් ඒවා කඩිනමින් ආපසු භාරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම අදාළ බලධාරීන් සිදුකළ යුතු බව සඳහන් කරමින් අමාත්‍යාංශය ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම රජයට අනුබද්ධ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් දැනුම්වත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නිවේදනය නිකුත්කර තිබේ.

දූෂණ විරෝධි පනතේ 41 සහ 111 වගන්ති ප්‍රකාරව එහි මෙලෙස කිසියම් පුද්ගලයෙකු තවදුරටත් නීත්‍යානුකූලව අදාළ දේපොළ රජය වෙත භාර නොදීම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද අදාළ ලිපියෙහි දක්වා ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.