Image

රනිල්ට එක්වූ පොහොට්ටුවන්ගේ හුලං බහී..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදීමට එක්වී සිටින සියයකට ආසන්න වූ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම මේ වන විට යම් යම් මත බෙදීම් වලට මුණ දෙමින් සිටින බව වාර්තා වෙයි.ජනාධිපතිවරයාගේ මැතිවරණය මෙහෙයවීම එක්සත් ජාතික පක්ෂය මූලික කරගෙන සිදුකරමින් සිටින අතර ඊට අමතරව අදාළ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් තරුණ මැති ඇමතිමරුන් පමණක් වැඩි වශයෙන් සම්බන්ධ කර ගැනීමද මීට හේතු වී ඇත.ඒ නිසා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිස වැඩි වශයෙන්ම සාකච්ඡා සහ සංවිධාන කටයුතු පිළිබඳව මුණ ගැසෙන්නේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයේය.මෙම තත්ත්වය මත ජනාධිපතිවරණයේ සංවිධාන කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් හෝ එම වැඩපිළිවෙළට තමන් සම්බන්ධ වන්නේ කෙසේද යන්න හෝ සම්බන්ධයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අතර සැලකිය යුතු මට්ටමේ බෙදීම් හටගෙන ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.