Image

පොලිස්පති නෑ.. යුක්තිය මෙහෙයුම මග නවතී.!

පොලිස්පතිතුමත් නොමැතිවීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම මේ වනවිට අඩපණ වෙලා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.

පොලිස්පතිතුමා ඍජුවම සම්බන්ධවෙලා සූම් මීටින් හරහා යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් මේ වනවිට එම මෙහෙයුම අඩපණ වෙලා තිබෙන බව පිළිගන්නා බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

“යුක්තිය මෙහෙයුම අඩපණවෙලා තියෙනවා. අපි පිළිගන්න ඕනේ ඒක අඩපණ වෙලා තියෙනවා. පොලිස්පතිතුමා තමා ඒක ඍජුවම සම්බන්ධවෙලා සූම් මීටින් දාලා කරේ. අනිවාර්යෙන්ම ඒක අඩපණ වෙලා තියෙනවා”. 

මේ අතර ජනාධිපති අපේක්ෂකයන්ට සහ හිටපු ජනපතිවරුන්ට ආරක්ෂාව සැපයීම සදහා මහජන ආරක්ෂ අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල ආරක්ෂක කමිටුවක් පත්කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

TRENDING POST