Image

සජබයේ පිරිසක් ජනපතිගේ නව සන්ධානයට.!

සමගි ජන බලවේගය ඇතුළු පක්ෂවලින් පිරිසක් පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බව වෘත්තීය සමිති පිළිබඳ ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල්, සමන් රත්නප්‍රිය සදහන් කරයි.

එළඹෙන (16) වෙනදා එම පිරිස පැමිණ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමට සූදානම් බවත් නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට සහාය පල කරන නව සන්ධානය බිහිකරන බවද සදහන් කරයි.

සමගි ජන බලවේගය සමග දැනටමත් කටයුතු නොකරන මන්ත්‍රීවරුන් හය දෙනෙක් පමණ ස්වාධීන ලෙස කටයුතු කරමින් සිටින බවද කොළඹදී මාධ්‍ය අමතමින් සමන් රත්නප්‍රිය සදහන් කරයි.

TRENDING POST