Image

ගඳ ගහන පවුල් දේශපාලනය නතර කළ යුතුයි.! – අනුර

මේ රටේ ගඳ ගහන දේශපාලන පොර පිටිය අපි සුද්ද කළ යුතු බවත් පවුල් වලින් පවුල් වලට යන දේශපාලනය නතර කළ යුතු බවද ජාතික ජන බලවේග නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.

මන්ත්‍රී අනුර කුමාර දිසානායක තවදුරටත් සදහන් කළේ,

“අවුරුදු 76ක් තිස්සේ මේ රට පාලනය කරලා තියෙන්නේ පවුල් දේශපාලනයයි. ජේ ආර් ගේ පවුල බෑනා රනිල් වික්‍රමසිංහ, ප්‍රේමදාසගේ පවුල පුතා සජිත් ප්‍රේමදාස, මහින්දගේ පවුල පුතා නාමල් රාජපක්ෂ, මම විතරයි තඹුත්තේගම.

අපේ රටේ මේ ගඳ ගහන කිලිටි උණු දේශපාලන පොර පිටිය අපි සුද්ද කළ යුතුයි. පවුල් වලින් පවුල් වලට යන දේශපාලනය නතර කළ යුතුයි. දැන් බලන්න සජිත් ප්‍රේමදාසගේ සභාපති පොන්සේකා එළියේ. පොහොට්ටුවේ සභාපති ජී එල් එයා ඇතුලේ සජිත් ළඟ.

රනිල් හිරේ යනකම් නින්ද යන්නෙ නෑ කියාපු මහින්දානන්ද දැන් රනිල්ගේ ඔඩොක්කුවේ නිදි. මේ මජර දේශපාලනය අපි අවසන් කරනවා. දැන් පොහොට්ටුවේ පෙති හැලිලා. පොහොට්ටුවේ එක කෑල්ලක් නාමල් රාජ පස්ස එක්ක. තව කෑල්ලක් රනිල් එක්ක. තවත් කෑල්ලක් සජිත් එක්කත් ඉන්නවා. දැන් පොහොට්ටුව තුනට කැඩිලා.”

ජාතික ජන බලවේග පක්ෂයේ ජන හමුවක් අමතමින් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST