Image

අපි රනිල් ගෙනවිත් අරගලකරුවන්ගේ පිටවල් පලා පන්නා දැම්මා.. ජොනී කියයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික්කයේ පැවති රැස්වීමක් අමතමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ යනු යහපාලන රජයෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට බඩු මිල අඩු කර සහන ලබාදුන් නායකයා බවයි.

අරගලකරුවන් බඩු අඩුකළ නායකයා එපා කියූ බැවින් බඩු වැඩි කරන නායකයෙක් ජනාධිපති කළ බව ඔහු පැවසීය.

අරගලය විසින්ම ඉල්ලූ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ සැණින් ගෝල්ෆේස් අරගලකරුවන්ගේ පිටවල් පලා පන්නා දැමූ බව පැවසූ ජොන්ස්ටන් මහතා පවසා සිටියේ උපක්‍රමිකව සුදුසු පුද්ගලයා වෙලාවට පත්කර අවශ්‍ය කටයුත්ත සිදුකළ බවයි.

එදා පොදුජන පෙරමුණ විසින් තීරණය කළේ රනිල් සදාතනික ජනාධිපති කිරීමට නොව වසර දෙකක් පමණක් රට පාලනය කිරීමට බව පැවසූ ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නැවත රටේ පාලනය ලබාගත යුතු කාලය එළැඹ ඇති බවද අවධාරණය කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.