ඊයේ (12) දිනයේ මහියංගනය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසා සිටියේ සජිත් ප්‍රේමදාස යනු අගමැතිකම අතට භාරදී ප්‍රතික්ෂේප කළ බියගුළු නායකයෙකු බවයි.
මන්ත්‍රී ධූර 75ක් තමා සතුව තබාගෙන නිකං ලබාදුන් අගමැති ධූරය භාර නොගත් සජිත් ප්‍රේමදාස කිසිවිටෙකත් ජනාධිපති කරවීමට සුදුසු නොමැති බව මන්ත්‍රීවරයා පවසා සිටියේය.
පසුගිය දිනවල සජිත් ප්‍රේමදාස සමඟ සන්ධානගත වූ සියලුම මන්ත්‍රීවරුන් ඒ වන විටත් ඔහු සමග සිටි මන්ත්‍රීවරු වන අතර ඔවුන් අලුතින් සන්ධානගත වූවන් නොවන බවද දසනායක මහතා අවධාරණය කළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ සජිත් ප්‍රේමදාස ඉඳහිට බස් එළවූවද ඔහුට ගියර් දැමීමේ අපහසුතාවයක් පවතින බැවින් ශ්‍රී ලංකාව නැමති බස් රථය 18 වංගුවේ ගෙන යෑම සඳහා නුපුරුදු සජිත් ප්‍රේමදාස වැනි පුද්ගලයෙකුට භාරදීම අනුවණ ක්‍රියාවක් බවයි.