හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොටි ත්රස්තවාදයෙන් රට බේරාගත් නායකයා බවත් ඔහු රටට විශාල සංවර්ධන වැඩකටයුතු රාශියක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී චමල් රාජපක්ෂ සදහන් කරයි.
එනිසා හිටපු ජනාධිපති මහින්දට කළගුණ සැලකීමක් ලෙස ඔහුගේ පුත්රයා වන නාමල් රාජපක්ෂට එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව මන්ත්රී චමල් රාජපක්ෂ සදහන් කරයි.
කලගුණ සැලකීමක් ලෙස නාමල් රාජපක්ෂ රටේ නව ජනාධිපතිවරයා ලෙස පත් කරන්නයි ඉල්ලා සිටින බව හම්බන්තොට දිස්ත්රික් හිටපු පළාත් පාලන නියෝජිත පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මන්ත්රීවරයා මේ බව සදහන් කරයි.