එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී එම් වේලු කුමාර් වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරයා නාමයෝජනා භාරදීමට අද (15) දින පිටත්ව යාමට පෙර කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදී වේලු කුමාර් මන්ත්රීවරයා හමුවී ඇත.