Image

රාජිත ට්‍රයි කරපු ටොප් බඩුවක් ගැන අනුරාධපුරේදී කියයි.!

අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැත්වෙන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රධාන රැලිය අමතමින් රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ ජනතාව එක් වතාවක් කළ සෙල්ලමකින් රට අගාදයට වැටුනු බවයි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න,

‘ආපහු සෙල්ලම් කරන්න එපා. තමුන්නාන්සේලා එක සෙල්ලමක් කරා. රෑ වැටුනා වලේ දැන් දවල් වැටෙන්න ළෑස්ති වෙන්න එපා. මේවාට ආපහු ට්‍රයි කරන්න බෑ.

ට්‍රයි කරලා තියෙනවා බඩුවක් ඒක ටොපේ ටොප් බඩුවක්. ආපහු මොකද තව එකෙන්? ඒ නිසා ආර්ථික විශේෂඥ‍යෝ කියන්නේ ආර්ථික අර්බුදයකදී ඒ ගැන කියන කට්‍ටිය, වෛද්‍ය විශේෂඥයෝ කියන්නේ කවුද ලෙඩා මරණයෙන් බේරගන්න එකා මිසක් මැරුණට පස්සේ පරීක්ෂණ කරන කරන එකා නෙමෙයි.

මේක නැවත වෙනස් වුණොත් ආපහු මේ රට ගිනිගන්නවා. මේව වෙනස් කරන්න බෑ. මේ රට ගිනි ගත්තොත් මතක තියාගන්න අද මූල්‍ය අරමුදල කියලා තියෙනවා මේවා වෙනස් කරොත්, කොන්දේසි කැඩුවොත් අපි යනවා කියලා. ග්‍රීසියට උනේ ඒකයි. අවුරුදු 10ක් රට රට ගොඩගන්න බැරි උනා.

ඒ නිසා තමුන්නාන්සේලාගේ අනාගතය තමුන්නාන්සේලාගේ දරු පැටවුන්ගේ අනාගතය ගැන හිතලා එක එක අලුතින් එන උන්ට මේක දෙන්න ලෑස්ති වෙන්න එපා.’

TRENDING POST