Image

සජිත් බලයට ආවම තලවතුගොඩ SPA ඉවත් කරනවා.!

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පවසන්නේ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් යටතේ තලවතුගොඩ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් ස්ථාපිත කරනා බවයි.

එම ප්‍රදේශයේ වර්ග කිලෝමීටරයක් ඇතුලත සම්භාහන මධ්‍යස්ථාන 73ක් පිහිටා ඇති බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා ඒවා වහාම ඉවත්කර දැමිය යුතු බවද පවසයි.

ඒ පිළිබඳ ආසන්න පොලිස් ස්ථාන දෙකේම ස්ථානාධිපති වරු දෙදෙනාගෙන් තමා විමසූ විට දෙදෙනාම එම ප්‍රදේශය අයිති නොවන බව පැවසූ බැවින් තම රජයක් යටතේ එම ප්‍රදේශයට නව පොලීසියක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

TRENDING POST