Image

සිංහලයන්ගේ හමෙන් සපත්තු මහන්න ගිය වෙල්ලාල ආධිපත්‍යය බිදින්න දිලිත් ජනපති කරන්න

වෙල්ලාල කුලයේ ආධිපත්‍යය බිඳ දමා, සැබෑ දමිළ ජනයාගේ හඬ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන අනාගත දවස කඩිනමින් උදාකර ගතයුතු බවත් ඒ සඳහා සිංහල, දමිළ, මුස්ලිම් සැබෑ සමගිය වෙනුවෙන් කැපවුණු ලකුණ ‘තරුව’, මෙවර ජනාධිපතිවරණයේදී අප කාගේත් ලකුණ බවට පත්කර ගනිමින් ඊට මුල පිරිය යුතු බවත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

මෙවර ජනාධිපතිවරණයට තරුව ලකුණෙන් ඉදිරිපත්ව සිටින සර්වජන බලය අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය පිණිස යාපනය රක්ක පාර ක්‍රීඩාංගණයේදී පැවති ජනරැලිය අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මෙම මහජන රැලිය අමතා සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“අපේ ලකුණ ජනතාවට මග පෙන්වපු ලකුණක්. ඉදිරියේදී උතුර, දකුණ, නැඟෙනහිර, වතුකරය ඇතුළු මේ රටේ සෑම තැනකම සිංහල, දමිළ, මුස්ලිම් සකල ජනීජනයාට මඟ පෙන්වන ලකුණ වන්නේ ද ‘තරුව’යි. ඒ වගේම දිලිත් ජයවීර සහෝදරයා ජනාධිපතිවරයා බවට පත්කරන ජයග්‍රහණය අප ලබන්නේ ද තරු ලකුණෙනුයි.

TRENDING POST