Image

ගෝඨා වසර දෙකෙන් පැන යන බව කී දෛවඥයාගෙන් සජිත් ගැනත් භයානක අනාවැකියක්.!

සමගි ජන බලවේගයේ හිටපු සභාපති ස්වාධීන ජනාධිපති අපේක්ෂක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගම්පහ ප්‍රදේශයේ පැවැති එතුමාගේ මංගල ජන හමුව අමතමින් පවසා සිටියේ කරුමෙකට හෝ සජිත් ප්‍රේමදාස මෙරට ජනාධිපතිවරයා බවට පත් වුවහොත් වසරක් ගතවීමටත් පෙර ඔහු තනතුරෙන් පලා යන බවයි.

එහිදී ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසා සිටියේ තමන් මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් වසර දෙකකින් සිදුවන දේ නිවැරදිවම ප්‍රකාශ කළ බවත් ඒ ආකාරයෙන්ම වසර දෙකක් ගතවීමටත් පෙර ඔහු තනතුරු දමා පැන ගිය බවත්ය.

තවද ජන හමුව අමතමින් ෆීල්ඩ් මාෂල්වරයා පවසා සිටියේ එදා ගෝල්ෆේස් පිටියේදී නිර්පාක්ෂික නායකයෙක් ඉල්ලා අරගල කර පිරිසට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන තමා සමඟින් එක්ව කටයුතු කළ හැකි බවයි.

එමෙන්ම 2019 වසරේ දී ගෝඨාභය ජනපති වුවහොත් වසර දෙකකින් තනතුර හැරදා පලා යන බව තමා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂගේ පැටිකිරිය හොඳින් දන්නා නිසා බවත් එමෙන්ම රටේ කරුමෙකට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහු වසරක් ඇතුළත පැනයන බවට තමා 2024 අගෝස්තු මාසයේදී ප්‍රකාශ කළ බව රන් අකුරෙන් ලියා තබා ගන්නා ලෙසත් ඔහු ජනතාවට පැවසීය.

TRENDING POST