Image

සංගීත ප්‍රසංග තහනම්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් සංගීත ප්‍රසංගය නොපැවැත්විය හැකි තත්ත්වයක් උදාවී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන්.

එම නිසා හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

එහි දී ඔහු කියා සිටියේ, දිවයිනේ විවිධ ප්‍රදේශවල මීට පෙර සංවිධාන කළ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් අත්හිටුවීමට කිරීමට සිදුවූ බවයි.

මේ හේතුවෙන් එම පවුල්වල සාමාජිකයන් දැඩි ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින බව ද ආතාවුද පෙන්වා දෙනවා.

එමෙන් ම මෙම ගැටලුව පිළිබඳව වහාම සොයා බලන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහාය ලබා දෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

සංගීත ප්‍රසංග සහ විනෝද සැණකෙළි සංවිධාන කිරීම සඳහා විනෝද බදු අසීමිත ගෙවන බව ද එහි දී සඳහන් කෙරුණා.

ප්‍රසංගවලින් අය කෙරෙන දැරිය නොහැකි විනෝද බද්ද අඩු කිරීමටද රජය අවධානය යොමු කළ යුතු බවයි අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් පළ වුණේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.