Image

සජබ මන්ත්‍රීවරයාගේ වටිනාකම කෝටි සියයයි.!

ජනාධිපතිවරයාට සහාය ලබාදෙන ලෙසට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්ට රුපියල් කෝටි සීයක ලන්සුවක් ඉදිරිපත් වී ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කරයි.

රටේ සෑම තැනකම, දකින හමුවන සෑම ශ්‍රී ලාංකිකයෙකුම සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වීම පිළිබඳ අපේක්ෂාවෙන් තම පක්ෂය වටා රොක් වෙමින් සිටින බවද මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කරයි.

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය ලබන බවට කිසිදු මිනිසෙකුට කිසිදු සැකයක් නැති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

සමගි ජන බලවේගයේ මහරගම ආසන බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST