සිවිල් ක්‍රියාකාරී තරුණ සංවිධානයක් එක්ව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් රාත්‍රීයේ පන්දම් එළි දල්වා “මෝඩයෙකු ජනාධිපති කරවන්නට එපා” යන සටන් පාඨය සහිත පුවරු අතැතිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් යෙදී සිටිති.
එම වැඩසටහනේ පස්වෙනි අදියර ලෙස මහරගම නගරයේදී එම තරුණ පිරිස එක්ව නිහඬ දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබිණි.
එහිදී සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය හෙට්ටිමුල්ල මහතා විසින් අදහස් දක්වමින් පවසා සිටියේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත් වී ඇති පසුබිමක කුමන අපේක්ෂකයා තෝරා ගන්නද යන්න ජනතාවට ගැටලුකාරී තත්ත්වයක් උදාවී ඇති බවයි.
ඔවුන් පවසන්නේ වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙන් 2022 දී ශ්‍රී ලංකා ලෝකය ඉදිරියේ බංකොලොත් රාජ්‍යයක් ලෙස අපහාසයට ලක් වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව ඒකරාශීව රාජපක්ෂ පාලනය ශ්‍රී ලංකාවෙන් අතුගා දැමීමට සමත් වූ නමුත් මේ වනවිට නැවතත් මිනිසුන් දේශපාලන පක්ෂ වශයෙන් බෙදී පැරණි ක්‍රමවේදයටම දේශපාලනය ආර්ථිකය සහ සමාජය පිළිබඳ කිසිදු දැනුවත්භාවයක් තොර අපේක්ෂකයින් ජනාධිපති කරවීමට ගනු ලබන උත්සාහය වළක්වාලීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.

