රුපියල් දස දහසක දීමනාවක් තම රජය යටතේ අඩු ආදායම් ලාභී පවුල් සදහා ලබාදෙන බවත් ග්‍රාමීය ආර්ථිකය, කෘෂිකර්මාන්තය, කුඩා කර්මාන්ත දියුණු කිරීමට වැඩපිළිවෙලක් ඇති බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
සෞඛ්‍ය ආහාර හා අධ්‍යාපනයට අදාළ වැට් බදු ඉවත් කරන බවත් අඩු මිලට දේපළ ඇපකරයකින් තොරව ණය ලබාදීමට සංවර්ධන බැංකුවක් හදුන්වා දෙන බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
සමීක්ෂණයක් සිදු කිරීමෙන් පසු ගොවීන්ගේ ණය කපා හැරීමට පියවර ගන්නා බවත් විවිධ පුද්ගලයන් විසින් ගෙවීම් පැහැර හැර ඇති රුපියල් බිලියන 1100 පමණ බදු ආපසු අයකර ගැනීමට කටයුතු කරන බවද සදහන් කරයි.
එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය රට භාරගන්නේ නාස්තිය දූෂණය සොරකම හා දරිද්‍රතාවය පිටුදැකීමේ සැලසුමක් ඇතිව බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.

