Image

“ඔහෙලට එපානම් මටත් එපා” ජනතා හූ හඬ මැද මහින්ද අඩි හප්පයි.!

අනුරාධපුර නගරයෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ජනරැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ පටු වාසි තකා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් යම් කිසි දිනක ඔව්න් ගත් තීරණය පිළිබඳ පසුතැවිලි වනු ඇති බවයි.

ඔවුන් නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණීම සඳහා විමසීම් කරනු ඇති බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එහිදී නැගුණු ජනතා ඝෝෂාවෙන් පසුව පවසා සිටියේ “තමුන්නාන්සේලාට එපා නම් මටත් එපා” යනුවෙනි.

සජිත් ප්‍රේමදාසගේ පියා රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී ත්‍රස්තවාදීන්ට ආයුධ ලබාදී සිවිල් ජනතාව විනාශ කිරීමට ක්‍රියා කළ අයුරු සිහිපත් කළ රාජපක්ෂ මහතා ජනතාව තමා ඇතුළු තම කඳවුරෙන් ඉල්ලූ රට එක්සේසත් කිරීමේ වගකීම තමා ඉටුකළ බවද සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉතිහාසය නොදත් දරු දැරියන් කයිය නායකලාගේ බොරුවලින් බේරා ගැනීම දෙමව්පියන්ගේ යුතුකමක් බැවින් දරුවන්ට අතීතය කියාදී නිවැරදි තීරණ ගැනීමට ඉඩ සලස්වන ලෙසයි.

TRENDING POST