තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු දෙදෙනෙකුගෙන් රුපියල් බිලියන දහයක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගොනු කළ නඩුව ජනවාරි මස 21දා කැඳවීමට කොළඹ දිසාධිකරණය අද දින නියම කළේය.
මෙම නඩුව අද කොළඹ දිසා අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස විත්තිකාර තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාල විරෝධතා ජනවාරි මස 21 වනදා ගොනු කිරීමට අධිකරණය කාලය ලබා දුන් අතර පෙත්සම්කාර අනුරු කුමාර දිසානායක මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබුණේ 2023 වසරේ අගෝස්තු මස 19 වන දින කොළඹ ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් විත්තිකාර මන්ත්‍රීවරයා තමා මෝල්ටාවේ බිලියන 5ක් ආයෝජනය කර ඇති බවට ප්‍රකාශයක් කර ඇති බවයි.
එම ප්‍රකාශය තුළින් තමා වංක චේතනාවෙන් ක්‍රියා කරන දූෂිත පුද්ගලයකුන් ලෙසත් යටි අරමුණු සහිතව විදේශයන්ගෙන් විශාල මුදල් ලබාගන්නා අයෙකු බවටත් හුවා දැක්වීමට විත්තිකාර මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බව දිසානායක මහතාගේ පැමිණිල්ලේ දක්වා ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටවල මහතා
“පළවෙනි දවසේ ආවෙත් නෑ. අද දවසේ නීතිඥයෙක් මාර්ගයෙන් උත්තරයට දිනයක් ඉල්ලුවා. දැන් මේ ඡන්ද කාලේ හොයාගත්තනම් හොඳයිනේ ඒගොල්ලන්ට. අදත් තිස්ස කුට්ටිආරච්චිට මේ උසාවියට ඇවිල්ලා මේ කියන බොරුව අධිකරණයට කියාගන්න බැරි වුනා.
අපි කියන්නේ බොරුවක් කියලා එයාට ඔප්පු කරන්න අවුරුද්දක කාලයක් දීලා තියෙනවනේ. ජාතික ජන බලවේගයටත් දැවැන්ත මැඩ ප්‍රහාරයක් එල්ල වෙමින් යනවා. ඒ එල්ල වෙන හැම හැම එකටම පුලු පුළුවන් විදියට අපි ඇවිල්ලා අපහාස නඩු දානවා, මඩ ගහන උදවියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.”

