විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පූජ්‍ය අතුරලීයේ රතන ස්වාමීන් වහන්සේ පවසා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් කිරීම රටේ ජනතාවගේ වගකීමක් බවයි.
උන්වහන්සේ සඳහන් කළේ ඡන්දය පැවැත්වීමට සතියකට පෙර මුදල් බලය සහ මැර බලය යොදා ගනිමින් යම්කිසි විනාශකාරී ක්‍රියාවක් සිදුකිරීමට උත්සාහ කරයි නම් එය වැළැක්වීම සඳහා සියලු දෙනා කොන්දේසි විරහිතව එක්විය යුතු බවයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ධුරයට පත්වුවහොත් රටේ ජනතාවට නියත වශයෙන්ම බදු බර වැඩිවන බවත්, නිදහස් අධ්‍යාපනය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවත්, රටේ ජාතික ආරක්ෂාව අනතුරේ වැටෙනා බවත් උන්වහන්සේ පවසයි.

