Image

සජිත් ඔයා පරිස්සම් වෙන්න.. ෆුට් නෝට් ගැහුවා.. බැදුම්කර වංචාවට මිලියන 10ක චෙක් ගත්තා.!

බැදුම්කර වංචාව සම්බන්ධ අයගෙන් මිලියන 10ක චෙක් පත් ලබාගත් අය නම් තමන් ප්‍රකාශ නොකරන බවත් ඔවුන් තමන්ගේ නිරුවත වහගන්න අනිත් අයට මඩ ගහන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

තමන් කිසිඳු පුද්ගලයකුට සුරාබදු බලපත්‍රයක් ලබාදී හෝ එවැන්නක් ලබාදෙන ලෙසට කිසිවෙකුගේ නමක් නිර්දේශ කර නොමැති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග තවදුරටත් සදහන් කළේ,

“ගරු කතානායකතුමනී, විපක්ෂ නායකතුමත් කිව්වා දේශපාලඥයින්ට මත්පැන් බලපත්‍ර ලබා දීලා තියෙනවා කියලා. මම මේ දේශපාලන වාසි ලබාගැනීම සඳහා වැරදි තොරතුරු ප්‍රකාශ කිරීම හරහා ඒ මන්ත්‍රීවරුන්ට අගතියක් වෙන නිසා මම ඒ මේ කරණාව ඉදිරිපත් කරනවා.

මේ ප්‍රකාශය කරන මන්ත්‍රීතුමා බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාවට ෆුට් නෝට් ගහපු අයට නම් බලපත්‍ර ලැබිලා තියෙනවා. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අයගෙන් මිලියන 10ක චෙක් පත් ලබාගත් අයත් ඉන්නවා. මම ඒ අයගේ නම් ගම් කියන්න කැමැති නෑ. මාධ්‍යවලින් හෙළි වුණා.

මේ අය තමන්ගේ නිරුවත වහ ගන්න අනිත් අයට මඩ ගහනවා. මම ඒ අයට කියනවා වාසි දේශපාලන වාසි තකා වීදුරු ගෙවල්වල ඉදන් මඩ ගහන්න එපා කියලා. ගරු කථානායකතුමනී, මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. තලතා අතුකෝරාල මන්ත්‍රීතුමිය ඉතාමත් වැදගත් විදියට එතුමියගේ ප්‍රකාශය කරලා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුණා.

රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා එතුමාගේ මතවාදය එතැනදී කළා. මාතර මන්ත්‍රීතුමා මම විශ්වාස කළා එතුමාගේ ප්‍රකාශය කරලා ඉල්ලා අස්වෙයි කියලා. ප්‍රතිපත්ති වලට නෙමෙයි මේ කාරණා සිදු කරන්නේ කියලා අපිට තේරෙනවා. දයාසිරි ජයසේකර මහතා වගකිවයුතු මන්ත්‍රීවරයෙක්. එතුමාට පුළුවන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ විස්තර හොයා ගන්න.

හොයාගෙන මේ ප්‍රකාශ කරන්න. ඒ ගැන විපක්ෂ නායකතුමාගේ අවධානය යොමු කරනවා. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහතා මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා කියලා. දයාසිරි ජයසේකර ගිය පැත්ත පරාදයි. ඔය වගේ කටවල් නිසා. ඇලෝසියස්ගේ සල්ලි ගත්තා. එහෙම කියලා පසුගිය කාලේ මාධ්‍යවල ගියා. එහෙම අය කියන කාරණාවලදී සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයෙක් විදියට එතුමා ආරක්ෂා වෙන්න ඕනේ.”

පාර්ලිමේන්තුවේදි වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.